• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
- සපුගස්කන්ද විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා එහි දෙවන ජනන යන්ත්‍රයේ ධාවන පැය 24,000කින් පමණ සිදු කළ යුතු ප්‍රධාන අලුත්වැඩියාව සඳහා අවශ්‍ය වන අමතර මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එහි මුල් නිෂ්පාදකයා වන ප්‍රංශයේ MAN Energy Solution වෙත යුරෝ මිලියන 1.8ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.