• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානාවලට සෞදි අරාබියේ ඩමාම් ගුවන් තොටුපලේදී ගුවන් ඉන්ධන සැපයීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා 2019 ජූලි 01 සිට දෙසැම්බර් 31 දක්වා වන කාල සීමාව තුළ සෞදි අරාබියේ ඩමාම් ගුවන් තොටුපලේ ගුවන් ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.0ක මුදලකට M/s. Modern Consortium for Refueling Aircraft Co.Ltd (MCRA) වෙත පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.