• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා සහභාගිත්වය
- වර්ල්ඩ් එක්ස්පෝ යනු සෑම වසර පහකට වරක් මාස හයක කාලයක් පුරා පවත්වනු ලබන වඩාත් ප්‍රචලිත හා විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනවලින් එකක් වන අතර, එහි 2020 වර්ෂයේ ප්‍රදර්ශනය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත වේ. එම ප්‍රදර්ශනයට සහභාගිවීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවමින් හා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් වෙළඳාම, වෙළඳපොළ කොටස් හා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට සහ ඍජු විදේශ ආයෝජන හා තාක්ෂණික හුවමාරුව සඳහා මෙන්ම තොරතුරු තාක්ෂණය, ප්‍රවාහන, සංචාරක කර්මාන්තය හා අනෙකුත් සේවාවන් ප්‍රවර්ධනය කිරීමටද ලැබෙන අවස්ථාවන් සලකා මෙම ප්‍රදර්ශනයට සහභාගිවීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම සහ එයට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.