• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම
- උසස් පෙළ හදාරණ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා ඔවුන්හට ටැබ් පරිගණක ලබා දීමට 2017 වර්ෂයසඳහා වූ අයවැය කථාවේ යෝජනා කර තිබිණි. එම යෝජනාව ක්‍රියාත්මක කරමින් 2019 වර්ෂයේ 12 වන ශ්‍රේණියේ උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වූ සිසුන් සහ අදාළ විෂයන් උගන්වනු ලබන ගුරුවරුන්හට ටැබ් පරිගණක ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.