• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත වෙනුවට පනතක් හඳුන්වා දීම
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීම සහ ආරක්ෂා කිරීමේ පනත 2015 වසරේදී පනවා ඇති අතර, එය යාවත්කාලීන කරමින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රතිමානයන්ට සහ පරිචයන්ට අනුගත වීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සහ 2015 අංක 4 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීම පිණිස, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.