• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සහ ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිකිරීම
- මොණරාගල දිස්ත්‍රික් සංවර්ධනයේ නව පැතිකඩක් ලෙස එම දිස්ත්‍රික්කයේ වෙසෙන ප්‍රජාවගේ ශරීර සුවතාව ඉහළ නංවාලීමට මෙන්ම අනාගත පරම්පරාවේ ක්‍රීඩා කෞශල්‍යයයන් රටට දායාද කිරීම අරමුණු කර ගනිමින් දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සහ ගෘහස්ථ ක්‍රීඩාංගනය මොණරාගල, කුමාරවත්ත වතු යායෙන් පවරා ගෙන ඇති අක්කර 10ක භූමි ප්‍රමාණයක ඉදි කිරීමට සැලසුම්කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සහ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.