• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'රොන් මඩ ඉවත් කිරීම සහ සෝදා හැරීම මඟින් බේරේ වැව පිරිසිදු කිරීම' ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම
- වර්තමානය වන විට බේරේ වැව අවට ප්‍රදේශය වාණිජමය හා නේවාසික මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා වන අතර, ඒ අවට පරිසරය වඩාත් ආකර්ශණීය ලෙස සකස් කර වැව් ජල පද්ධතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම, බේරේ වැවේ වාන් මඟ ප්‍රතිසංස්කරණය කිරීම, ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම සහ බේරේ වැවේ ඝන අපද්‍රව්‍ය හා දූෂක පැතිරීම වැළැක් වීම ඇතුළත් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.