• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රාජ්‍ය සේවා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම
- රාජ්‍ය සේවකයින් වැඩිම පිරිසක් වෙසෙන කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිටින රාජ්‍ය සේවකයින් විසින් සිය ක්‍රීඩා අවශ්‍යතා සඳහා මීගහකොටුව ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය පරිශ්‍රයේ පිහිටි පහසුකම් භාවිත කරන අතර, ඒවා ඉතා අවම පහසුකම්වලින් යුක්ත ඒවා වේ. ඒ අනුව එම ක්‍රීඩා සමාජ පරිශ්‍රය බැඩ්මින්ටන් පිටියක්, ටෙනිස් පිටියක්, පූල්/ස්නූකර් මේස, ස්කොෂ් අංගනයක්, පිහිනුම් තටාකයක්, අවන්හලක්, කාර්යාල පරිශ්‍රයක්, සම්මන්ත්‍රණ පහසුකම් හා ව්‍යායාම් ශාලාවකින් සමන්විත අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.