• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එල් - සැල්වදෝර් ජනරජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකාව සහ එල් - සැල්වදෝර් ජනරජය අතර පුරවැසියයන්ට අන්‍යෝන්‍ය පදනමින් ගමනාගමනයට පහසුකම් සැලසීම සහ අදාළ ක්‍රියාමාර්ග සරල කිරීමට හා දෙරට අතර මිත්‍රශීලි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සහ එසේ ඇතුළ්වන පුරවැසියන්ට වීසා අවසර පත්‍ර නොමැතිව දින 30ක කාලයක් රැඳී සිටීමට අවසර ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සහ එල් - සැල්වදෝර් ජනරජය අතර එළඹීමට යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.