• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙනියාය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
- දෙනියාය මූලික රෝහල එම ප්‍රදේශයේ ඇති එකම ද්විතීයික සත්කාර සේවා සලසනු ලබන රෝහල වන අතර එමඟින් සෞඛ්‍ය සේවා ලබාගන්නා පිරිස 350,000ක් පමණ වේ. එම රෝහල නාය යෑමේ අවදානම් සහිත භූමියක පිහිටා ඇති බැවින් එය වෙනත් ස්ථානයක ස්ථාපනය කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් ද නිර්දේශ කර ඇත. එසේම දැනට එම රෝහලේ පවත්නා භෞතික සහ මානව සම්පත් අපේක්ෂිත පරිදි සේවාලාභීන්ට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව එම රෝහල ඇඳන් 600කින් සහ වෙනත් නවීන පහසුකම් සහිත නව මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඉදි කිරීමට අපේක්ෂිත නව මූලික රෝහල තලවාකැලේ වැවිලි සමාගම විසින් රජය වෙත මුදා හැරීමට එකඟ වී ඇති අක්කර 33 ක භූමිභාගයක ස්ථාපනය කිරීම පිණිස අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය වෙනත් පහසුකම් සැලසීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.