• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාරය සහ වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ සියළුම අක්ෂි හා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවන් ලබා දෙන තෘතීයික සත්කාර සේවා රෝහල වන ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල, තවදුරටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුගතව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. ඒ අනුව ‘2016 – 2025 ජාතික සෞඛ්‍ය ක්‍රමෝපායික මහ සැලැස්ම’ යටතේ මෙරට ඉහළ මට්ටමේ රෝහලක් වශයෙන් සේවාලාභීන් වෙත වඩාත් ගුණාත්මක අක්ෂි ප්‍රතිකාර සේවාවන් ලබා දීමට අවශ්‍ය ප්‍රමාණවත් ඉඩකඩ සහිතව බාහිර රෝගී අංශය, වාට්ටු, සායන, ශල්‍යාගාර, රෝග පරීක්ෂණ පහසුකම් සහ අනෙකුත් සහායක සේවාවන් සැපයීම සඳහා මහල් 14කින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 4,565ක ආයෝජනයක් යටතේ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.