• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය හා කියුබානු ජනරජයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රා‍වුල් රෝවා ගාසියා ආයතනය අතර අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සහ කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රා‍වුල් රෝවා ගාසියා ආයතනය අතර අධ්‍යයන සහ විද්වත් සහයෝගීතාව ස්ථාපනය කිරීම හා වර්ධනය කිරීම අරමුණු කොට, එකී ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.