• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීම
- කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවනාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට හැට වසරක් පිරීම සැමරීම වෙනුවෙනුත් ඇමරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයක් සිදු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.