• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීම පිළිබඳ හං‍ගේරියානු එක්සිම් බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම
- මගී ජනතාව සඳහා වඩා වේගවත් හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් කොහුවල හා ගැටඹේ යන ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීම පිණිස අදාළ කොන්ත්‍රාත්කරු සමග වාණිජ ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබ ඇත. මෙම ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට හංගේරියානු රජය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන යුරෝ මිලියන 52ක සහන ණය මුදලක් හංගේරියානු අපනයන ආනයන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා මෙම බැංකුව සමග ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.