• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීති විරෝධී මත්පැන්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් බලාත්මක කිරීම
- නීති විරෝධී මත්පැන්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා පොලිස් නිලධාරින් බලාත්මක කිරීමට සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.