• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1984 අංක 11 දරන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත සංශෝධනය කිරීම
- නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පිහිටුවීම සහ එයට බලතල පවරා දීම සම්බන්ධයෙන් ස්ථාපිත කරන ලද 1984 අංක 11 දරන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත, 1986 අංක 41 දරන හා 1990 අංක 21 දරන පනත් මඟින් සංශෝධනය කරනු ලැබ තිබේ. මෙම පනත බිහිවූ 1980 දශකයට වඩා මේ වන විට ශ්‍රී ලංකාවේ නීති වි‍රෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්තිය පුළුල් වී ඇති අතර, ඖෂධ අවභාවිතය වැළැක්විම, පාලනය කිරීම, ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හ සමාලෝචනය කිරීම භාර ප්‍රධාන ජාතික ආයතනය වන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය නෛතික වශයෙන් වඩා ශක්තිමත් කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් 1984 අංක 11 දරන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.