• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෘත්තීය සුරක්ෂිතතාව, සේවක සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ යෝජිත නව නීති
- ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණ සහාය ද ඇතිව එවකට ගරු කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ නීති කෙටුම්පත, පසුව සිදු කරන ලද සංශෝධන ද ඇතුළත්ව පනත් කෙටුම්පතක් ලෙස සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට යොමු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.