• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික වකුගඩු අරමුදලේ අරමුදල් යොදාගනිමින් වකුගඩු රෝග නිවාරණයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් රෝගීන් වෙත වඩාත් ගුණාත්මක සායනික සහ සත්කාරක සේවාවක් සැලසීම අරමුණු කරගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒ වෙනුවෙන් තවත් නව ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, නිදන්ගත වකුගඩු රෝගයේ මූලය හඳුනාගැනීම සහ නිවාරණ කටයුතු සඳහා සිදු කෙරෙන පර්යේෂණ ව්‍යාපෘතිය වකුගඩු‍ රෝග නිවාරණ කාර්යසාධන බලකායේ අධීක්ෂණය යටතේ මහනුවර ශික්ෂණ රෝහල මඟින් ක්‍රියාත්මක කරවීමටත්, වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කිරීමටත්, වකුගඩු රෝගය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම යොදවා ගැනීමේ සහ ප්‍රතිකාර ප්‍රවර්ධන වැඩසටහනක් බණ්ඩාරනායක අනුස්මරණ දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් ක්‍රියාත්මක කරවිමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.