• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබා දුන් "සහන පැකේජය" තවදුරටත් පුළුල් කිරීම
- මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සහන පැකේජයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එයට අමතරව එකී සිද්ධිය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහාද සහන ලබා දෙන ලෙස ඉදිරිපත් වූ නියෝජනයන් සලකා බලමින් එම අංශ සඳහාද පෙර ලබා දුන් සහන තවදුරටත් පුළුල් කිරීම සඳහා ක්‍රියා කරනු ලැබ තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වාදුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරීම, මගී බස්රථ හිමියන් සඳහා 2019 ජුනි 30 දක්වා මාස 02ක ණය සහන කාලයක් ලබා දීම, සංගීත කණ්ඩායම් සඳහාද සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වාදුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සහ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල පුද්ගලයින් හා ආයතනවලට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සංචාරක පොඩ්ඩෝ' සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම යනාදී සහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.