• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම පිණිස සහයෝගිතා ගිවිසුමකට එළඹීම
- යම් නිශ්චිත කුසලතා සපුරා ඇති ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට පහසුකම් සැලසීම පිණිස ජපානයේ අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර නිශ්චිත පුහුණු සේවකයන් පිළිබඳ සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.