• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත අනුව ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාව - 2018
- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි 13 වන වගන්තියේ විධිවිධාන අනුව වාර්ෂික වාර්තාවක් (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හා මහජනතාව වෙත අදාළ මුදල් වර්ෂය අවසානවීමෙන් පසු මාස පහක් ‍ගතවීමට පෙර නිකුත් කළ යුතු වේ. ඒ අනුව රටේ සාර්ව හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විවරණය, සමස්ත අයවැය තත්ත්වය, රාජ්‍ය අංශයේ කාර්යසාධනය හා ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ප්‍රකාශ යන කොටස් හතර යටතේ සකස් කර ඇති 2018 මුදල් වර්ෂයේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.