• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික්ක‍ෙය් බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත ජාතික පාසලේ උසස් පෙළ පංති හා විද්‍යාගාර පහසුකම් සහිත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- ඉන්දියානු රජයේ රුපියල් මිලියන 300ක අධාර යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්ක‍ෙය් බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත ජාතික පාසලේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වීම සහ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව එම පාසලේ පළමු ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, එම පාසලේ 12 හා 13 ශ්‍රේණි සඳහා පංති කාමර හා විද්‍යාගාර පහසුකම් සහිත තවත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කළ යුතුව ඇත. එම ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 245.9ක මුදලකට පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.