• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියට විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය (e-GP) හඳුන්වා දීම සඳහා විසඳුම් සම්පාදකයෙක් තෝරා ගැනීම
- කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය (UCSC) ඇතුළු පුළුල් පරාසයකින් යුත් පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියට විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන (e-GP) පද්ධතිය හඳුන්වාදීම සඳහා පත් කරන ලද ක්‍රියාකාරී කණ්ඩායමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදෙන ලදී. ඒ අනුව මෙම පද්ධතිය හඳුන්වාදීමේ විසඳුම් සම්පාදක ලෙස මේ වනවිටත් මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දෙනු ලබන සහ රාජ්‍ය සංවිධාන සඳහා තොරතුරු සංනිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වූ කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු සංනිවේදන තාක්ෂණ අංශය වන තීක්ෂණ ආයතනය තෝරා ගැනීමට සහ එම ආයතනය සමඟ ගිවිසුමකට එළඹිම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.