• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල් සංවර්ධන අධිකාරිය සඳහා ව්‍යාපාර සම්පත් සැලසුම් පද්ධතියක් ස්ථාපිත කිරීම
- ‍මෙරට පොල් වගාව දළ දේශීය නිෂ්පාදිතය සඳහා 0.6%ක දායකත්වයක් දක්වන අතර, අපනයන ආදායම සඳහා 5.2%ක දායකත්වයක් දක්වයි. මෙම වසරේ මුල් කාර්තුවේදී පෙර වර්ෂයේ මුල් කාර්තුවට සාපේක්ෂව ඉහළ අපනයන ආදායමක් පොල් කර්මාන්තය හරහා ලඟා කරගැනීමට හැකියාව ලැබී ඇත. පොල් ආශ්‍රිත නිෂ්පාදනය, අපනයනය හා සමස්ත පොල් ආශ්‍රිත ක්‍රියාවලිය සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් කර්මාන්තකරුවන්, වගාකරුවන්, පොල් කර්මාන්තය සඳහා සේවා සපයන විවිධ රාජ්‍ය ආයතන හා වෙනත් විවිධ පාර්ශ්වකරුවන් වෙත සලසනු ලබන සේවා අප්‍රමාදව හා ගුණාත්මකව ලබා දීමට සැලසුම් කර තිබේ. එමඟින් පොල් සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව හා අප්‍රමාදව ඉටු කිරීමට මෙන්ම සේවා ලාභීන්ට අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් අවශ්‍ය සේවාවන් ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය සඳහා ව්‍යාපාර සැලසුම් පද්ධතියක් රුපියල් මිලියන 40ක ආයෝජනයක් යටතේ ස්ථාපිත කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.