• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කළමනාකරණය අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවීම
- වැවිලි ක්ෂේත්‍රයේ තිරසර බව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වසර 03ක කාලසීමාවක් සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවීම යෝග්‍ය බව හඳුනා ගනු ලැබ ඇත. වතු වැවිලි කටයුතුවල තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් මෙම ක්‍රමවේදය වසර 03ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 10 දෙනෙකුගෙන් සැදුම් ලත් කාර්ය සාධක බලකායක් පිහිටුවීම හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.