• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සක්‍රීය වගකීම් කළමනාකරණය
- රාජ්‍ය ණය ආපසු ගෙවීමට අවශ්‍ය අරමුදල් වඩාත් විචක්ෂණශීලි ලෙස සපයා ගනු ලබන බව සහතික කිරීම පිණිස රාජ්‍ය ණය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ අනුව 2020 වසරේ සිට 2029 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ණය කල්පිරීමේ ව්‍යුහය සැලකිල්ලට ගෙන රුපියල් බිලියන 480ක් නොඉක්මවන මුදල් ප්‍රමාණයක් 2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ සඳහන් කරන ලද අරමුණු සඳහා භාවිතා කිරීමට දේශීයව හෝ විදේශීයව රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, 2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව රුපියල් බිලියන 480ක් නොඉක්ම වූ මුදලක් රැස්කිරී‍ම සඳහා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.