• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
- මෙරට රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් සඳහා ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහනෙහි පළමු කාර්ය රාමුව 2010 - 2013 වසර සඳහාත්, දෙවන කාර්ය රාමුව 2014 - 2017 වසර සඳහාත්, තෙවන කාර්ය රාමුව 2018 - 2021 වසර සඳහාත් ක්‍රියාත්මක කරන ලද අතර, මෙහි තෙවන කාර්ය රාමුවේ දෙවන කණ්ඩායමේ ශිෂ්‍යත්වලාභීන් මේ වන විටත් තෝරා ගනු ලැබ ඇත. එම කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ ඒ සඳහා අවශ්‍ය ජපන් යෙන් මිලියන 263ක ප්‍රදානයක් ලබාගැනීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.