• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීම) පනත සංශෝධනය කිරීම
- 50%ක් හෝ ඊ‍ට වැඩි විදේශීය කොටස් හිමිකාරිත්වයක් සහිතව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සඳහා මෙරට ඉඩම් මිල දී ගැනීම 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය සීමා කිරීම) පනත මඟින් තහනම් කරන ලද අතර එම තහනම 2018 වර්ෂයේදී එම පනත සංශෝධනය කිරීම මඟින් ඉවත් කරන ලදී. එහෙත් එම සංශෝධන මඟින් 2018 04 01 දිනට පසුව සිදුවන ඉඩම් ගනුදෙනු සඳහා ප්‍රතිපාදන සලසා ඇති නමුත් එම දිනට ප්‍රථම සිදු කරන ලද අත්පත් කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැත. එකී අසමානතාව ඉවත් කිරීමේ අදහසින් 2014 අංක 38 දරන පනත යටතේ පනවා ඇති තහනම ඉහත කී ඉඩම් ගණුදෙනු සම්බන්ධයෙන් ඉවත් කිරීම පිණිස පනතක් කෙටුම්පත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.