• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම
- මේ වන විට දිවයිනේ වනගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් වන අතර, 2030 වර්ෂය වන විට එම ප්‍රමාණය 32%දක්වා ඉහළ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්වලට අදාළ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. අනවසර දැව හෙළීම් වනාන්තර විනාශ වීම සඳහා ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන ඇති අතර, මෙම වන විනාශය සඳහා පහසුවෙන් ගෙන යා හැකි යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව මේ වන විට යාන්ත්‍රික දම්වැල් කියත් 82,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කරනු ලැබ ඇති බැවින් වන විනාශය වැළැක්වීමේ හා වනගහණය ඉහළ නැංවීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.