• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ආයතන සතු ඵලදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදා ගත නොහැකි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීම
- මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් පමණ වන අතර එය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කරගැනීමට රජය ඉලක්ක කර තිබේ. ඒ සඳහා තවත් හෙක්ටයාර 148,000ක් පමණ වන භූමි ප්‍රමාණයක වන වගාව ව්‍යාප්ත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මෙම වැඩසටහනට යොදා ගැනීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අතුරින් මේ වන විට ආර්ථික භෝග වගාවලින් තොර හා වන ගහණය 65%ක් ඉක්මවා ඇති සියලුම ඉඩම් සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම්වලින් දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති මිශ්‍ර වන වගා වැඩසටහනේ ප්‍රගතිය අනුව හඳුනාගන්නා ඉඩම් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන වන ආවරණය ඉහළ දැමීමේ කඩිනම් වැඩසටහනට යොදවා ගැනීම සඳහා පවරා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.