• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
- විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වාගෙන යාමටත්, රාජ්‍ය ආරක්ෂාවටත් බාධා වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ කරන තැනැත්තෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම වරද සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට දඩ මුදලක් හෝ සිර දඬුවමක් නියම කිරීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.