• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
- ජාතීන් අතර සහජීවනය සහ රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම වරද සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දශලක්ෂයක් දක්වා වන දඩ මුදලක් නියම කිරීමට හෝ වසර 05කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.