• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදායම් මත බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර රාජ්‍ය මට්ටමින් ගිවිසු‍මකට එළඹීම
- දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කරගැනීමේ අපේක්ෂාවෙන් ආර්ථික කටයුතුවලදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු ගෙවීම මඟ හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර නිලධාරි මට්ටමින් ගිවිසුමකට එළඹ ඇත. එසේ එළඹ ඇති ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමට සහ එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.