• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති මිල දී ගැනීම
- මෙරට දුම්රිය ප්‍රවාහන සේවය වැඩිදියුණු කරමින් වඩාත් හොඳ සේවාවක් සැපයීම පිණිස ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා සීනු සහ ආලෝක දුම්රිය සංඥා සහිත හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200ක් සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s Kernex Micro Systems (India) Ltd. වෙත ඇමරිකානු ඩොලර් මිලියන 8.18ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.