• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලග්ගල ඉලුක්කුඹුර මාර්ගය ඉදි කිරීම
- මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශය ඉදිකිරීමේදී ලග්ගල සිට ඉලුක්කුඹුර දක්වා දැනට පවතින මාර්ගයේ කොටසක් ජලාශයට යටවේ. එබැවින් එම මාර්ගය වෙනුවට ඊට ඉහළ මට්ටමින් විකල්ප මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ලක්ගල - ඉලුක්කුඹුර මාර්ගයේ කිලෝමීටර 5.48ක කොටසක් සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී රාම් කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත රුපියල් මිලියන 457ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.