• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු සේවකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම
- වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිවාස හා අනෙකුත් පහසුකම් සැපයීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද එම ප්‍රජාවගේ අනවශ්‍ය වියදම් රටාව හා ආකල්පමය දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම මඟින් ලඟා කරගැනීමට ඉලක්ක කළ ප්‍රතිලාභ අපේක්ෂිත පරිදි අත්කරගත නොහැකි වී ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව වතු පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, එමඟින් තේ වල ගුණාත්මකභාවය හා ප්‍රමාණය ඉහළ නැංවීම සහ වතු ක්ෂේත්‍රයේ මද්‍යසාර පරිභෝජනය අවම කිරීමේ අපේක්ෂාවෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. තවද, එමඟින් වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිණිස ඔවුන් විසින් උපයන මුදල් ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන් හට අවබෝධයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ඒ අනුව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.