• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වකරුවෙකු ඇතුළත් කරගැනීම
- ඩෙංගු රෝගය සාම්ප්‍රදායික ක්‍රම මඟින් පාලනය කිරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ජෛව පාලන ක්‍රමෝපායක් යොදා ගැනීමේ අවශ්‍යතාව හඳුනාගන්නා ලද අතර ‍ෙඩංගු වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් වශයෙන් 'Wolbachia' බැක්ටීරියාව යොදාගැනීමේ ව්‍යාපෘතියක්, ඕස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.2ක පමණ මුදලක් ලෝක මදුරු වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලබා දීමට නියමිත අතර, එයින් ඕස්ට්‍රේලියානු ඩොලර් 120,000ක මුදලක් මේ වනවිටත් ලබා දී ඇත. මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සහය දැක්වීම පිණිස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වකරුවෙකු ලෙස කොළඹ යුනිවර්සිටි කොලේජ් ලංකා ආයතනය එක්කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.