• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1927 අංක 26 දරන වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම
- වෛද්‍ය ආඥා පනත මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම, සෞඛ්‍ය වෘත්තිකයින් කෙරෙහි ඇති මහජන විශ්වාසය ඉහළ නැංවීම සහ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ප්‍රමිති ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන සලසනු ලැබේ. 1927 දී පනවා සංශෝධන කීපයකට ලක්ව ඇති 1927 අංක 26 දරන වෛද්‍ය ආඥා පනත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ කාර්යභාරය හා වගකීම් කාලානුරූපව සංශෝධනය කිරීම මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්ගේ විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම පිණිස වර්තමාන සංදර්භයට ගැළපෙන පරිදි සංශෝධනය කළ යුතු බවට යෝජනා වී ඇත. ඒ අනුව එම ක්ෂේත්‍රයේ විශේෂඥතාවයක් සහිත විද්වත් කමිටුවක් විසින් එසේ සංශෝධනයට ලක්විය යුතු අංශ හඳුනා ගෙන සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ආඥා පනත සංශෝධනය කරගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කාර්ය බලකායක් පිහිටුවීම සහ එම කාර්ය බලකායේ නිර්දේශ නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කොට මෙම ආඥා පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.