• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
HIV ආසාධන පිළිබඳ සත්කාර මධ්‍යස්ථානයක් සඳහා බිම් කොටසක් වෙන් කිරීම
- HIV ආසාධිතයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේ දැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වේ. ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව තුරන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ සාමාජික ආයතනයක් වන පොසිටිව් විමෙන්ට්ස් නෙට්වර්ක් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉහත කී සේවාව වසර 10ක පමණ කාලයක සිට සපයනු ලබයි. දැනට එම ආයතනය විසින් අදාළ සේවාව කුලී පදනම මත ලබාගත් නිවසක සිදු කරන අතර, මෙම සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා එම ආයතනය විසින් ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබ ඇත. ඒ අනුව, මුල්ලේරියාව මූලික රෝහල් පරිශ්‍රයෙන් පර්චස් 10ක බිම් කැබැල්ලක් මෙම ආයතනය වෙත ලබා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.