• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ පද්ධති ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීම
- රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡයාරූප යොදා ගැනීම, ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව හඳුනාගත් රෝහල් කිහිපයක දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ පද්ධති ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බෙල්ජියමේ M/s. Agfa N.V. වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ලබා ගෙන එම යෝජනාව ඇගයීම සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.