• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දංකොටුව ප්‍රදේශයේ පාරිසරක ගැටලු විසඳීම සඳහා මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම
- කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම අවිධිමත් මැටි කැණීම හේතුවෙන් දංකොටුව ප්‍රදේශය මා ඔ‍ය ආශ්‍රිතව පාරිසරක ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. මෙම ගැටලුවට විසඳුමක් ලෙස මා ඔය පෝෂිත කලාපය දෙපස ප්‍රමාණවත් පළලකින් යුතු පරිසර සංවේදී රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, යෝජිත රක්ෂිතයේ වයඹ පළාතට අයත්වන කොටස 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ සහ බස්නාහිර පළාතට අයත්වන කොටස 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.