• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂාවට සහාය වීම සඳහා "ගම රැකුම" සංවිධාන ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ආරම්භ කිරීම
- පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ සිත් තුළ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා බලධාරින්ට සහාය විය හැකි "ගම රැකුම" නමින් හඳුන්වනු ලබන ස්වේච්ඡා ජනතා සංවිධානයක් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.