• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීම
- සමෘද්ධි වැඩසටහන යටතේ මේ වන විට පවුල් මිලියන 1.4ක් පමණ ප්‍රතිලාභ ලබන අතර, තවත් පවුල් 600,000කට පමණ ප්‍රතිලාභ සැලසීමට රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව ඉදිරි තෙවසර තුළ පවුල් 500,000ක් සවිබල ගැන්වීමටත්, නිෂ්පාදන ව්‍යාපෘති 50,000ක් ක්‍රියාත්මක කිරීමටත් යෝජිතය. එසේම සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත් වන ප්‍රදේශ තුළ අපනයන ගම්මාන 5,000ක් ස්ථාපිත කිරීමටද නියමිත අතර, ඒ මඟින් ආර්ථික බෝග හා අපනයන බෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම හා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත. සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථිකයට හා අපනයන ඉපයීම්වලට දායක වන ශ්‍රම බලකායක් ලෙස සවිබල ගන්වා යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිවයිනපුරා සිදු කිරීමටද පියවර ගෙන ඇති බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.