• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
- දුම්රිය ස්ථානවල හා බස්නැවතුම්පොළවල පවතින මූලික සනීපාරක්ෂක පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත්ව සපයා නොමැති බැවින් එම ස්ථානවල පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට 2019 අයවැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහිතව සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළ යුතු පොදු ස්ථාන හඳුනාගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.