• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන
- රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම මැදි ආදායම් වැටුප් ලබන්නන්ට නිවාස පහසුකම් සැපයීමේ අරමුණ ඇතිව මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ‍දියත් කරන ලදී. එම වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාස ඒකකයක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 5ක උපරිම ණය මුදලක් 7% ක පොලී අනුපාතයක් යටතේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණි. එසේ වුවද, වර්තමාන ආර්ථික වාතාවරණය අනුව උක්ත ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම සහන ණය යෝජනා ක්‍රමය ය‍ටතේ සලසනු ලබන ණය මුදල රුපියල් මිලියන 10 දක්වා වැඩි කිරීමටත්, ඒ සඳහා වන පොලී අනුපාතිකය 6% දක්වා අඩු කිරීමටත් එමඟින් වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හැකි වන පරිදි තෝරා ගැනීමේ නිර්නායක සංශෝධනය කිරීමටත් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.