• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වලපනේ නව අධිකරණ ගොඩනැඟිල්ල ඉදිකිරීම
- වලපනේ දිසා/මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වලපනේ, තෙරිපැහැ, රාගල, උඩුපුස්සැල්ලෑව, මතුරට, මන්දාරම්නුවර හා හඟුරන්කෙත යන පොලිස් බල ප්‍රදේශවලට අදාළ අධිකරණ සේවා සලසනු ලැබේ. එසේ වුවද, ඒ සඳහා භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ලේ පවතින සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. එබැවින් වලපනේ දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සඳහා නව ගොඩනැඟිල්ලක් ‍ එම අධිකරණ භූමියේම රුපියල් මිලියන 212.3ක ආයෝජනයක් යටතේ ඉදිකිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.