• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
- ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණයෙහි පිහිටා ඇති ත්‍රිකුණාමල මහාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාව සඳහා භාවිතා කරනු ලබන ගොඩනැඟිලිවල පවතින සීමිත ඉඩකඩ හේතුවෙන් අධිකරණ කටයුතු සඳහා පැමිණෙන ජනතාව මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයකට පත්වේ. ඒ අනුව අධිකරණ සේවා සඳහා ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් සලසා දීමේ අපේක්ෂාවෙන් රුපියල් මිලියන 250ක පමණ ආයොජනයක් යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.