• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික මහාමාර්ග කිලෝ මීටර් 51.7ක් වැඩිදියුණු කිරීම
- දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද පළාත් සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සමාජ ආර්ථික මධ්‍යස්ථාන සමඟ ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහය යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික මහාමාර්ග කිලෝ මීටර් 51.7ක් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කර තිබේ. එම මාර්ග වැඩිදියුණු කර නඩත්තු කටයුතු ඉටු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත කේ.ඩී.ඒ.වීරසිංහ (පෞද්ගලික) සමාගම විසින් චීනයේ Yunnan Construction and Investment Holding Group Co. Ltd. සමඟ ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 6,108.2ක මුදලකට පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.