• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ ජම්බාර ගැසීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන වරාය ප්‍රවේශ ගුවන් මහාමාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ ජම්බාර ගැසීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 624ක මුදලකට සීමාසහිත ඇක්සස් ඉංජිනියරින් පොදු සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.