• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද විදුලි බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම
- මෙගා වොට් 152කින් යුත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම පිණිස එහි විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා එන්ජින් වර්ගවලින් අංක 05, 07, 08, 10 දරන එන්ජින් සෑම ධාවන පැය 6,000ක මෙහෙයුම් කාලයකට වරක් ද අංක 06, 09, 11, 12 දරන එන්ජින් සෑම ධාවන පැය 12,000ක මෙහෙයුම් කාලයකට වරක් ද ජනන පිරිවැඩියා කිරීම අවශ්‍ය වේ. ඒ අනුව එම අලුත්වැඩියා සඳහා අවශ්‍ය වන අමතර කොටස් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 1.1ක මුදලකට එහි මුල් නිෂ්පාදකයා වන ජර්මනියේ M/s MAN Energy Solution SE වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.